Saturday, March 15, 2025

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදක්වයි



කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීයි.  

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 03 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් අතර පැවැත්වෙන එම තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකින් සමන්විත වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පකිස්තානය A කාණ්ඩය යටතේ තරග වදිනවා. B කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම්වලට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්.

ඔක්තෝම්බර් 03 වනදා ආරම්භ වන තරගාවලියේ  A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය පළමුව තරග වදිනවා.