Tuesday, April 15, 2025

General line - 0115112241

නිරෝෂන් ප්‍රේමරත්න පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි



ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින්. 

පක්ෂයේ ඉහළ නිලධාරින්ගේ ක්‍රියා කලාපය නිසා තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි නිරෝෂන් ප්‍රේමරත්න පවසන්නේ.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ ඇතැමුන් දක්වන අකමැත්ත ඊට හේතුවී තිබෙනවා.