Sunday, March 16, 2025

General line - 0115112241

විදෙස් කණ්ඩායම්වලටත් ජනාධිපතිවරණය නිරීක්ෂණයට අවසර



ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහාද අවසර ලබා දී තිබෙනවා. 

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම ඒ සම්බන්ධයෙන් දැනටමත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

එලෙස ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබා දී ඇති කණ්ඩායම් අතරට යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ කණ්ඩායමද ඇතුළත්. 

ඔවුන්ගේ පළමු පිරිස මේ වන විටත් මෙරටට පැමිණ තිබෙනවා. 

තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසකටද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අවසර ලබා දී ඇති බවයි. 

මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතයි.