Sunday, March 16, 2025

General line - 0115112241

පාරට ආ ඉන්දීය වෛද්‍යවරු දහස් ගණනකට කඳුළු ගෑස් ප්‍රහාරයක්



ඉන්දීය පුහුණු වෛද්‍යවරියගේ ඝාතනයට එරෙහිව එරට ආරම්භ වූ විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.

එය උත්සන්න කරමින් කොල්කටා නගරයේ පැවති එවැනි තවත් විරෝධතාවක් විසුරුවා හැර ඇත්තේ පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරමින්.

මෙම විරෝධතාව සඳහා වෛද්‍යවරුන් දහසකට අධික පිරිසක් එක්ව සිටියා. 

වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් නීතිමය කටයුතු සිදු කිරීමට ප්‍රමාද වූ බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

පොලීසියේ ක්‍රියාකාරීත්වය මන්දගාමී බවට විවේචන එල්ල වීමෙන් පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යංශය වෙත භාර දී තිබෙනවා.