Tuesday, April 15, 2025

General line - 0115112241

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් ගොඩනැගිල්ලක වහලයක් මත තිබී සොයා ගැනේ

කුෂාන් ජයවර්ධන



අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහළය මත තිබී සොයාගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ගොඩනැගිල්ල කලක පටන් වසා දමා තිබූ එකක් බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිල්ලේ තිබී සොයාගත් මළ සිරුර සොයා ගන්නා ලද අවස්ථාවේ දී පැවැති තත්වය අනුව අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදී මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

දින කිහිපයක සිට ඔහු සිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනවා.