Monday, March 17, 2025

General line - 0115112241

කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු කර නැහැ - සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු හදිසි ඖෂධ මිලධි ගැනීමක් සිදු නොකරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගුණාත්මක භාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු නොකරන බවයි. 

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ ඖෂධ මිලදී ගැනීම පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.