කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිටපු නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙන බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අධිකරණයේ හිටපු ගබඩා පාලකවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය හිටපු ගබඩා පාලකවරයා ලබන 04 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.