Sunday, April 13, 2025

General line - 0115112241

ඉන්දීය ගුවන් හමුදා මිග් 29 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි



ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් 29 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබෙනවා.

රාත්‍රී පුහුණු මෙහෙයුමක් අතරතුරදී රාජස්ථාන් ප්‍රදේශයට එම ජෙට් යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ගුවන් නියමුවා නිරුපද්‍රිතව ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබෙනවා.

මිග් 29 ප්‍රහාරක ජෙට් යානයේ පැවති කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටී ඇති බවයි ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ.