Wednesday, March 19, 2025

General line - 0115112241

කරුණාරත්න පරණවිතාන මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි



කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු දිවුරුම් දෙනු ලැබුවේ තලතා අතුකෝරල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහායි.

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභා වාරය අද සහ හෙට දින සඳහා පමණක් සීමාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වුණා.