Wednesday, March 19, 2025

General line - 0115112241

පුරාවස්තු අලෙවි කිරීමට රැගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු පාදුක්කේදී අත්අඩංගුවට



පුරාවස්තු කිහිපයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පාදුක්ක නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාදුක්ක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල හදිසි වැටලීමකදීයි.

මුදලට අලෙවි කිරීම සඳහා එම පුරාවස්තු වෑන් රථයකින් රැගෙන යමින් සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම වෑන් රථයේ තිබී කිරි ගරුඩ බුදු පිළිමයක්, වාලම්පූරියක්, පැරණි කාසි දෙකක් සහ මැටි පිඟානක් සොයාගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.