Wednesday, March 19, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු STF  අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිගධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.