Thursday, March 20, 2025

General line - 0115112241

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු , සෝයා බෝංචි ආනයනයට අවසර



ග්‍රිඩ් උපපොළ කිහිපයක් සඳහා මෙගා වොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීමට ලන්සුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත් පිරිනැමීම උදෙසා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් දැක්වුවා. 


මේ අතර, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි මෙට්‍රික්  ටොන් 12,000ක් සහ බඩඉරිඟු මෙට්‍රික්  ටොන් 6,000ක් ආනයනය කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.