Wednesday, April 16, 2025

General line - 0115112241

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් - 04ක් මරුට - ළමයෙක් අත්අඩංගුවට



අමෙරිකාවේ ජෝර්ජියාවේ උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මේ වන විට නිකුත් වී ඇති වාර්තාවලට අනුව වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගිය බවට ජෝර්ජියා විමර්ශන කාර්යාංශය මේ වන විට තහවුරු කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලේයි.

සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම පාසලේම ශිෂ්‍යයෙකු බවටයි පැවසෙන්නේ.

වෙඩි තැබීම සිදු වන විට එම පාසලේ සිසුන් 1,900 ක් පමණ සිට තිබෙනවා. 

වෙඩි තැබීම සඳහා රයිෆල් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව සඳහන්. විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි තැබීමට බලපෑ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

කෙසේවෙතත් වෙඩි තැබීමට පෙර පාසල් 05ක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු විය හැකි බවට දුරකතන ඇමතුමක් ද ලැබී තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.