Wednesday, April 16, 2025

General line - 0115112241

කායවර්ධන හා නිරූපණ අංශයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන 07ක්



පිලිපීනයේ පැවති ආසියානු - පැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපණ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරඟාවලිය ලෝක යෝග්‍යතා සම්මේලනය විසින්  පිලිපීනයේ මැනිලා නුවර, ආසියානු - පැසිපික් කළාපයේ රටවල් 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

එහිදී නුවන්ජලී අබේකෝන් රන් පදක්කම් 02ක් දිනා ගත්තා.

මෙම තරඟාවලියේ දී රිදී පදක්කම් චන්දන ද සිල්වා, නිමේද සංදීප සහ ධනුක කෞශල්‍ය විසින් දිනා ගෙන තිබුණා.

මීට අමතරව සදුන් කුමාර සහ ධනුක කෞශල්‍ය විසින් ලෝකඩ පදක්කම් දිනා ගත්තා.
ටීකේජී කපිල