Wednesday, May 28, 2025

General line - 0115112241

රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 62ක් සමග සැකකාරියක් අත්අඩංගුවට



රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 62ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් දෙමටගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරික්ෂාවකදීයි.

සැකකාර කාන්තාව 44 හැවිරිදි වියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවටයි අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.