Wednesday, March 19, 2025

General line - 0115112241

ඌවේ ආණ්ඩුකාර ධූරය අනුර විදානගමගේට



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ආණ්ඩුකාරවරයා  ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබෙනවා.

ඒ, ඌව පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ ජේ එම් මුසම්මිල් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

අනුර විදානගමගේ මහතා මීට පෙර ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වන විට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරනවා.