Monday, April 14, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සියයට 50ක් මුද්‍රණය කර අවසන්



ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සියයට 50කින් පමණ අවසන් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ එම නිල ඡන්ද පත්‍රිකා මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති බවයි.

ජනාධිපතිවරණයට අදාළ සියලුම නිල ඡන්ද පත්‍රිකා ඉදිරි සතිය තුළදී මුද්‍රණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල් මේ වනවිටත් මුදල් අමාත්‍යංශය මඟින් අනුමත කර රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කළේ රජයේ මුද්‍රණාලයේ ප්‍රතිපාදනවලින් බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.