Tuesday, April 15, 2025

General line - 0115112241

වන අලි ප්‍රහාරයකින් කොග්ගල ප්‍රදේශයේ පුද්ගලයෙකු මරුට

රාහුල් සමන්ත



අම්බලන්තොට, කොග්ගල්ල, මදයමලලන්ද ප්‍රදේශයේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මියගොස් ඇත්තේ කොග්ගල්ල, මදයමලලන්ද ප්‍රදේශයේම පදිංචි තිදෙරු පියෙක්.

මාස කිහිපයක් තුළ එම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරවලට ලක් වූ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසුවා.