Wednesday, March 19, 2025

General line - 0115112241

සජබ රැස්වීමකදී රතිඤ්ඤා පත්තු වී නවයක් රෝහලේ. 



මහනුවර මධ්‍යම වෙළදපොල ඉදිරිපිට පැවැත්වූ  ජන රැළිය ආරම්භ කරනවාත් සමග ආධාරකරුවන් පිරිසක් දැල් වූ රතිඤ්ඤා හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.        

ඒ අතර පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහළට ඇතුළත් කර තිබෙනවා. 

එම ජන රැළියේ ආරක්ෂක රාජකාරි සඳහා අනියුක්ත කර සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට අද මහනුවර මධ්‍යම වෙළදපොල ඉදිරිපිට පැවැත්වූ  ජන රැළියට එක්වී තිබෙනවා