Sunday, April 13, 2025

General line - 0115112241

ජනපතිවරණයට පාසල් වැසෙන දින ප්‍රකාශයට



ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ලබන 20 වනදා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව යළි පාසල් විවෘත වන්නේ ලබන 23 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එලෙස පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් වසා තැබෙන දින ඇතුළත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්