Monday, April 14, 2025

General line - 0115112241

මෙවර ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති ලබන 11 මැදියම් රැයේ සිට තහනම්



මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ලබන 12 වනදා සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා.

ඒ අනුව විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය, මෙහෙයවීම, විශයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු එම කාලය තුළ පැවැත්වීම තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වනවා.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා පැවැත්වෙනවා.