Thursday, March 20, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් යටතේ තවත් 716 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනයේදී තවත් වැටලීම් 712ක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් 707 දෙනෙකු සහ සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරේ.

එම සැකකරුවන් අතරින් සැකකරුවන් 13 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර තවත් සැකකරුවන් 09 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.