Wednesday, May 28, 2025

General line - 0115112241

 මිල්කෝ කිරිපිටි මිල පහළට.



අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහළ දමන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 75කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 1,050ක් වන බවයි එම සමාගම පැවසුවේ.

කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 190කින් අඩු කෙරෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 2,585ක් වන බවද මිල්කෝ සමාගම පැවසුවා.