Thursday, March 20, 2025

General line - 0115112241

රට පුරා පෝස්ටර් ලක්ෂ 04ක් පොලිසියෙන් ඉවත් කරයි



මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් ඉවත් කර ඇති බවයි.


මේ දක්වා මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.