Friday, March 21, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්



මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ 12 සිට තහනම් වනවා.

මෙම තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මකයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය, මෙහෙයවීම, විශයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු එම කාලය තුළ පැවැත්වීම තහනම් බවයි.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම්.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි.