Saturday, March 22, 2025

General line - 0115112241

දියතලාව, නරියාකන්දේ ගින්නෙන් අක්කර 12ක් විනාශ වෙයි



දියතලාව, නරියාකන්ද රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

එම රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්න හටගත් බවයි පොලිසිය පැවසුවේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය, යුද හමුදාව හපුතලේ අඩවි වන නිලධාරින්, බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් ද එක්ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.