Sunday, March 23, 2025

General line - 0115112241

කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



කොහුවල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 43 හැවිරිදි නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අදාළ වෙළෙඳසැලේ හිමිකරු බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.