Wednesday, April 16, 2025

General line - 0115112241

දෙහිවල වෙඩි තැබීමක්



දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන යකා සමන්ත නැමැත්තාගේ ඥාතියෙකු එලෙස තුවාල ලබා තිබෙනවා.

කළුබෝවිල සහ බඩෝවිට ප්‍රදේශවලදී ඉකුත්දා වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිවලට පළිගැනීමක් ලෙස බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.