Wednesday, March 26, 2025

General line - 0115112241

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල



මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු සිය නිවස ඉදිරිපිට රැඳී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ඊයේ රාත්‍රියේදීයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.