Wednesday, April 16, 2025

General line - 0115112241

එජාප සන්ධානයට පොහොට්ටුව එක් නොවන බව මහින්ද කියයි

නිරෝෂන් කොළඹ 



එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් නොවන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති දේශපාලන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.