Saturday, March 29, 2025

General line - 0115112241

කායවර්ධන ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට ජයක්



ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ කායවර්ධන ශූරතාවලියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් කායවර්ධන කණ්ඩායමේ නායක පොලිස් සැරයන් කේ ඩී මායාදුන්න සමත් වී තිබෙනවා.

මෙම තරඟය ඉකුත් 21 සහ 22 යන දිනවලදී ඉන්දියාවේ මුම්බායි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී පැවැත්වුණා.

තරඟාවලියට ශ්‍රී ලංකා සහ ඉන්දියානු කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික ප්‍රමාණයක් බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.