Saturday, April 26, 2025

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ටී කේ ජී කපිල



ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ අනුව නව සභාපතිවරයා වන්නේ සරත් ගනේගොඩ මහතායි.

අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා සාමාජිකයින් 07 දෙනෙකු පත් කර තිබෙනවා.

බුද්ධික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් පීරිස් ගුණතිලක, ඩී අරන්දර, ආනන්ද අතුකෝරළ, ලක්මාල් රත්නායක, නිරංජන් අරුල්ප්‍රගාසම් එම සාමාජිකයින්.