Tuesday, April 15, 2025

General line - 0115112241

පොහෝ දා නිධන් හෑරූ සිව් දෙනෙකු රොටවෙලදී අත්අඩංගුවට



වප් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ දිවුලපැලැස්ස පොලිස් වසමේ රොටලවෙල ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් අනුව මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34, 40, 42 හා 45 යන වයස්වල පසුවන  දිවුලපැලැස්ස සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.