Tuesday, April 15, 2025

General line - 0115112241

නීති විරෝධීව ඩීසල් විකිණූ පුද්ගලයෙක් STF භාරයට



නීති විරෝධීව ඩීසල් විකිණීම හා අනාරක්ෂිතව ගබඩා කර තබාගැනීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුරාධපුර කඳවුරේ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින් ලබා දුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන් මොරගොඩ, මා මීගස්වැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී ඩීසල් ලීටර් 1,225ක් හා උපකරණ තොගයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගොඩ පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.