Tuesday, April 15, 2025

General line - 0115112241

ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් හදිස්සියේ ගිනි ගනී

බිමල් ශ්‍යාමන්



ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් බණ්ඩාරගම, වැල්මිල්ල හන්දිය ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමට ලක්ව විනාශ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ පුද්ගලික සරසවියක සිසුවකු, මිතුරෙකු නන්වාගෙන ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් එලෙස ගිනිගෙන විනාශ වී ඇති බවයි.

ඔවුන් යතුරු පැදිය කිඳෙල්පිටිය ප්‍රදේශයේ ගරාජයකට රැගෙන යමින් තිබියදී ඉන්ධන ටැංකිය ආසන්නයෙන් ගින්න හටගෙන තිබෙනවා.

වහා යතුරු පැදියෙන් ඉවත් වූ එම තරුණයන් දෙදෙනා එම ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.