Sunday, April 13, 2025

General line - 0115112241

සැප්තැම්බරයේ උද්ධමනය සෘණ වෙයි



පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට සෘණ 0.2 ක් දක්වා අඩුවී තිබෙනවා. 

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය අගෝස්තු මාසයේ එය සියයට 1.1 ක් ලෙස වාර්තා වූ බවයි. 

එම මාසයේ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.3 ක් ලෙස වාර්තා වුණා. 

එය පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 0.5 ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම, පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 0.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට සෘණ 0.7% ක් දක්වා අඩු වී තිබෙනවා.