Tuesday, April 15, 2025

General line - 0115112241

ගම්මන්පිල හෙළි කළ වාර්තා පිළිනොගන්නා බවට කතෝලික සභාවෙන් ප්‍රකාශයක්



පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ විශ්‍රාමක විනිසුරු ඒ එම් ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. 

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ද සහභාගීත්වයෙන් කොළඹ අගරදගුරු මැදුරේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.


මෙම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.


අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට එහිදී පිළිතුරු ලබා දුන්නා.


මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.