Wednesday, April 16, 2025

General line - 0115112241

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට



මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්. ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බවටයි වාර්තා වන්නේ.

පසුගිය 10 වනදා වන විටද ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වෙත අදාළ ත්‍රස්ත්‍ර ප්‍රහාර අවදානම පිළිබඳ තොරතුරු ලැබී තිබූ බව අනාවරණ වී තිබෙනවා.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට වාර්තා වනවා.