Thursday, April 17, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අද ඇරඹෙයි



මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා කඩිනමින් බෙදා හැරීම සඳහා තැපෑල විසින් අද දිනය ඇතුළුව රජයේ නිවාඩු දින තුනකදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.


ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවා.


නිවෙස් හිමියන්ගේ නියෝජ්‍ය තැපැල්පතිවරයා ඉල්ලීමක් ද කළා.