Saturday, April 19, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සරසවි සිසුවියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

ජයන්ත වීරසේකර



තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකාරිය සරසවි සිසුවියක් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක්, හෙරොයින් ග්‍රෑම් 4 ක්, ජංගම දුරකථන 8 ක් සහ රුපියල් විසිතුන් දහස් පන්සියක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.