Saturday, April 19, 2025

General line - 0115112241

උණ හැදුනු නිසා විමල්ගේ නඩුවක් කල් යයි

උදය කුමාර



හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබෙනවා.

එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කර සිටින  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

විමල් වීරවංශ මහතා උන රෝගයකින් පසුවන හෙයින් මෙම නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 25 වනදාට කල් දැමූ මහේස්ත්‍රාත්වරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට අවවාද කළා.