Sunday, April 20, 2025

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට



මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වුණා.

එම දුම්රියේ එක් මැදිරියක් එලෙස පීලි පැනීමකට ලක් වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පැවතුනා.

මේ වන විට අදාළ දුම්රිය මැදිරිය පීලිගත කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.