Saturday, April 19, 2025

General line - 0115112241

දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි



එන්ජින් නඩත්තු කිරීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ තාක්ෂණික දැනුම සහිත සේවකයින්ගේ පුරප්පාඩු පැවතීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව දුම්රිය අතරමඟ නතර වීම සහ දුම්රිය ප්‍රමාදවීම්ද ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා. 


තාක්ෂණික දැනුම සහිත සේවකයින් බඳවා ගැනීම ප්‍රමාද වීමට බලපා ඇති හේතු සම්බන්ධයෙන්ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා අදහස් පළ කළා.