Saturday, April 19, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ ගල්කිස්සේදී සැකකරුවෙක් අත්අඩංගුවට



නීති විරෝධී ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්කව සිටි සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 800 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව මොරටුව ප්‍රදේශයේ නිවසක සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අ

ත්අඩංගුවට ගත් සැකකරු 33 න් හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.