Monday, April 21, 2025

General line - 0115112241

රනිල්ගේ කැපකිරීමක් රාජිත හෙළි කරයි



එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක් කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානමින් සිටි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට පවා යෝජනාවක් පැවති බවයි. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එහි සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.