Monday, April 21, 2025

General line - 0115112241

ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල අද මැදියම් රැයේ සිට පහළට



ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 06කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 377ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

රුපියල් 319ක් වූ සුපිරි ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට අලෙවි වන්නේ රුපියල් 313ක මිලකටයි.

කෙසේවෙතත් මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව වෙනත් කිසිදු ඉන්ධන වර්ගයක මිල පහළ දමා නැහැ.