Monday, April 21, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 1,259ක් දක්වා ඉහළට



මෙවර මහමැතිවරණයට අදාළව තවත් පැමිණිලි 123ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළදීයි.

එම පැමිණිලි ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළවයි.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 26 සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1,259ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පැමිණිලිවලින් 1,018ක් මේ වන විටත් විසඳා අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.