Monday, April 21, 2025

General line - 0115112241

දුන්හිඳදී බස්රථයක් පෙරළී සරසවි සිසුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට - තවත් 41කට තුවාල



බදුල්ල මහියංගන මාර්ගයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එහි සිටි විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

අනතුරෙන් බස්රථයේ සිටි 41 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

පස්සර, පැල්ගහතැන්න ප්‍රදේශයේ සිට රන්දෙනිගල බලා ධාවනය වෙමින් තිබියදී බස්රථය එලෙස අනතුරට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

බස්රථය තුළ සිරවී සිටි සිසුන් ඇතුළු පිරිස ඉන් ඉවතට ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි.

අනතුර සිදු වන අවස්ථාවේ එම බස්රථයේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 45 දෙනෙකු සිටි බවද පොලීසිය පැවසුවා.