Monday, April 21, 2025

General line - 0115112241

ගලෙන්බිඳුනුවැව පාසල් ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

ගලෙන්බිඳුණුවැව ඉසුරු කාවින්ද



ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ළමුන් 15 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඒ, එම පාසල් භූමියේ කොස් ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී යාම හේතුවෙන්.

එම පාසලේ 8, 9, 10, ශ්‍රේණිවල සිසුන් පිරිසක් එලෙස බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එම සිසුන්ට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් අනතුරුව මව්පියන් වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.