Tuesday, May 20, 2025

General line - 0115112241

ආරුගම්බේ සිද්ධියට විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට



මෙරට සංචාරයේ යෙදී සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළා යැයි සැකපිට විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයින් සිද්ධි කිහිපයක් මුල්කර ගනිමින් අත්අඩංගුවට ගත් බවයි.